Posted on 06-Sep-2018

FxMusix Productions

Dew Duwe - Lyrics
Artist - Chathu Umayanga & Shashikala Widanagamage
Lyrics - Nimasha Dewduni
Music - MIHIRA SA

සඳ රැසේ දිඳුල දිඳුල සරනා
ශුන්ගාර පෙම් නිමල දෙවොලේ තිබෙනා
සඳ රැසේ පුද දෙමී ආදරේ සදා කල්
නෙතු මගේ ඔබේ වෙලා රැඳී ඉන්න සසරේ
සඳ රැසේ ...
සිතම ඔබේ පතා මං
සසරෙහි ආයේ මඟ රකින්නම්
දෙව් දුවේ සිත් විලේ සිතෙන් රැදුම සනහා
සඳ මමයි නුබේ ලොවේ රැදෙන් කඳුල සඟවා
දෙව් දුවේ නොයමි සඳා හැරදා
දෙව් දුවේ ...


ප්‍රේම සොඳුරු තනුව ගැයූ ඒ කින්නරාව
ජීවිතේ පුරා ගැයේ ගීතය ඔබේ හදේ
සඳා රැඳී මගේ වෙලී හිඳී සිනා මලේ
ශුන්ගාර ගීතයෙන් නිවා දමයි තැවුල් හදේ
උණුහුමේ වේලිලා ඉන්නේමී සදා කල්
රන් හුයෙන් බැඳිලා වෙමු අපේ


සුසුම් පවන් මතින් නුබේ දෙතොල් සැලී
ගයාවි ආදරේ මධුර සුව ගෙනේ
සඳ නුබ රැස් දෙවනා බැස නොයන් හදින් ඔබේ
දුක සැපද අමා රසින් විඳිමු ජීවිතේ
ඉරි තැලී පුරන් වූ අඳුරු ජීවිතේ මේ
මල් පිපී වසත් සමේ මෙසේ

Contact Us
Message sent. We'll get back to you soon.